ගෝලීය ආදායම ඉන්දියානු රු. කෝටි 800 ඉක්මවමින් මේ වන විට තිරගත වෙමින් තිබෙන Dhurandhar 2: The Revenge චිත්‍රපටය දකුණු ඉන්දියානු සුපිරි තරුව රැජිනි කාන්ත්ගේ ද ප්‍රශංසා දිනාගෙන ඇති අතර සෑම ඉන්දියානුවෙක්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙසයි ඔහු එය හඳුන්වා ඇත්තේ.
“What a film… Dhurandhar 2!!! Aditya Dhar box office-ka baap!!! … A must-watch film for every Indian.”
X හි සටහනක් තබමින් අධ්‍යක්ෂ අදිත්‍ය ධාර් (Aditya Dhar) බොක්ස් ඔෆිස් හි ‘පියා’ නැතිනම් රජු ලෙස ඔහු හඳුන්වා දී තිබෙනවා.
මෙම කමෙන්ට් එක අදිත්‍යට ඔහුගේ ජීවිතයේ ලැබුණු සුපිරිම මොහොතක් බවයි ඔහු පවසා තිබෙන්නේ. ඔහු එම සතුට වචනවලට හරවා තිබුණේ මෙසේය.
සර්, අපි හැමෝම “විනෝදාස්වාදය” මැන්නේ, හැදී වැඩුනේ එක මිණුම් ලකුණකින්.. ඒ ඔබගෙන් ❤️දශක ගණනාවක් තිස්සේ අපිට විසිල් කරන්න, සිනාසෙන්න, අඬන්න සහ ජීවිතයට වඩා විශාල බවක් දැනෙන්න සැලැස්වීම සහ තවමත් ඒ ආකාරයෙන්ම එය කිරීම පිරිසිදු මැජික් එකක්.
ඉතින් ඔබ Dhurandhar 2 “නැරඹිය යුතුම” එකක් ලෙස හැඳින්වීම මගේ ජීවිතයේ විශාලතම ‘Supr Star ‘ මොහොතක් ලෙස දැනෙනවා.
