පිඹුරා නැටවූ යුවතිය සමාජ මාධ්‍ය වෙත මුදා හළ තරිඳු වෙල්හේනගේටත් ලෙඩක් වැටේ..

පසුගිය දා කොළඹ දී පැවැත්වුණු රාජකීය අවුරුදු කුමරා කුමරිය තේරීම තරගය අතරතුර පිඹුරෙකු (python) වධහිංසාවට ලක් කරමින් නර්තනයේ යෙදුණු සැකකාර තරුණියක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.

අනතුරුව එම උත්සවය සංවිධානය කළ බව කියන නිරූපණ ශිල්පි චන්දිමාල් ජයසිංහගෙන් හා එම සිද්ධිය වීඩියෝ ගත කළ කැමරා ශිල්පියාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද කොළඹ දිසාව බාර වනජීවී ප්‍රධානියාට අධිකරණයෙන් නියම කළ බවයි වාර්තා වුණේ.

එහෙත් එම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලැබූ පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ප්‍රකාශයට පත් නොවීම මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

මීට ටික කලකට ඉහත ‘මෝඩාභිමානය’ වැඩසටනේදී නටාෂා එදිරිසූරිය විසින් ඉදිරිපත් කළ ප්‍රහසන විශේෂාංගයක් අතරතුර බුද්ධාගමට අපහාසයක් වූ බවට චෝදනා එල්ල කරමින් ඇය අත් අඩංගුවට ගත් අවස්ථාවේ එම වැඩසටහන යූ ටියුබ් වෙත මුදා හරිනු ලැබූ බෲනෝ දිවාකාර ද අත් අඩංගුවට පත් වුණා.

සාමාන්‍යයෙන් මෙවැනි මතභේදාත්මක අවස්ථාවල විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) විසින් අදාළ යූ ටියුබ් නාළිකාවලට නැවත දැනුම් දෙනතුරු වීඩියෝ යාවත්කාලීන කිරීම හා මකාදැමීම තහනම් කරමින් නියෝග නිකුත් කළ බවට වන වාර්තා ද මීට පෙර වාර්තා වී තිබෙනවා.

එහෙත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තවමත් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලැබූ තරිඳු වෙල්හෙනගේට එරෙහිව කිසිදු නෛතික ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බව වාර්තා වී නැහැ.

එහෙත් ඔහුට ද මෙයින් ගැලවී යාමට නොහැකි බව මේ සම්බන්ධයෙන් දැනුම ඇති පාර්ශව පවසා තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටි ආකාරයට CJ අවුරුදු කුමරා කුමරිය තේරීම වෙනුවෙන් වූ මෙම වැඩසටහන කොළඹ රෝයල් මකාස් එළීනා පරිශ්‍රයේදී පවත්වා තිබුණා.

Latest News

error: Content is protected !!