පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලවිදුලි උත්පාදනය අඩාල වී, විදුලිය සඳහා ඛනිජ තෙල් මත යැපීම වැඩි වී ඇති බැවින්, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගෝලීය යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතින බවත්, රාත්‍රී කාලයේදී රෙදි සෝදන යන්ත්‍ර වැනි අධික විදුලි පරිභෝජනයක් සහිත උපකරණ භාවිතය සීමා කරන ලෙසත්, සතියකට එක් දිනක් පමණක් රෙදි සේදීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
වෙළඳ ප්‍රචාරණ ඩිජිටල් බෝඩ් සඳහා විදුලිය භාවිතය අඩු කරගැනීමටද හැකියාව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීමෙන් ඉතිරි වන ඉන්ධන පොදු ප්‍රවාහනයට යෙදවීමට හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
