බොක්ස් ඔෆිස් හි පිස්සුවක් බවට පත් වූ Dhurandhar 2 චිත්‍රපටයට ඉන්දීය රු කෝටි 1000 ඉක්මවා යාමට ඇත්තේ හූවයි බල්ටියක දුරක් පමණකි.
ඒ චිත්‍රපටයේ ලෝක ව්‍යාප්ත ආදායම හය වැනි දිනය (අඟහරුවාදා) වන විට ඉන්දීය රු කෝටි 900 ඉක්මවා යාමත් සමඟය.
සාමාන්‍ය වැඩ දිනකදී එවැනි වාර්තාවකට පැමිණීම බොක්ස් ඔෆිස් වාර්තා හි සාමාන්‍යයෙන් දුර්ලභ දෙයකි.
දත්ත විශ්ලේෂණ වාර්තාවලට අනුව එය හයවැනි දිනයේ පමණක් ඉන්දීය රු කෝටි 231.57ක් උපයා ගත්තේ සමස්ත ලෝක ආදායම කෝටි 919 දක්වා ඉහළ දමමින්ය.
මෙම ප්‍රවණතාව අනුව හත්වැනි දිනය වන විට ඉතා කෙටි කාලයකින්ම ඉන්දීය රු කෝටි කෝටි 1000 සීමාව ඉක්මවා යා යුතු බවයි වෙළඳ විශ්ලේෂකයින් අනාවැකි පළ කර තිබෙන්නේ.
නිකුත් වූ දින 4ක් තුළ, Dhurandhar 2 කෝටි 300 සහ කෝටි 400 සීමාවන් ඉක්මවා යාමෙන්, ෂාරුක් ඛාන්ගේ Jawan සහ අල්ලු අර්ජුන්ගේ Pushpa 2: The Rule වැනි චිත්‍රපටවල වාර්තාද පසුකර තිබුණා.
