තම ගායනය නිසා සිත් රිදවීමට ලක්වුවන් ගෙන් උමාරා සමාව අයැදියි!

පසුගිය ජූලි මස 30 වන දින ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී තමන් ජාතික ගීය ගායනය කිරීමේදි උච්චාරණයේ ගැටලු සහගත තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් ඉන් පීඩාවට පත් වූ මෙන්ම සිත් රිදවීමට ලක් වූ ඕනෑම කෙනෙකුගෙන් හෘදයාාංගමව සහ අවංක සමාව අයද සිටින බව ගායන ශිල්පිනි උමාරා සිංහවන්ස පැවසුවාය.

උමාරා සිංහවන්ස මේ බව සදහන් කර තිබුනේ ඇගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබිමිනි.

එම සටහනට අනුව ඇය මෙලෙස පවසා තිබේ,

ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භක උත්සවයේදී ජාතික ගීය මා විසින් ගායනා කරන ලද අතර, සමහර වචන මා විසින් උච්චාරණය කරන ලද ආකාරය පිළිබදව ගැටලු සහගත තත්ත්වයක් ඇති වී ඇති බව මගේ අවධානයට යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් මා කියා සිටින්නේ, මා ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම නිතරම ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත්, තම මාතෘ භූමියට ආදරය කරන ගායිකාවක් වශයෙන් මා විසින් සෑම අවස්ථාවකදීම මගේ රටේ අභිමානය නගාසිටුවීම සදහා ගීත ගායනයෙන් මෙන්ම විවිධ ආකාරයෙන් මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කර ඇති බවයි. ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිදු ආකාරයක වැරදි අර්ථ කථනයක් සැපයීමට මා කිසිවිටකත් අදහස් කළේ නැත.

මගේ රටේ ජනතාවගේ හැගීම් මට වැටහෙන බැවින්, මගේ ගායනය නිසා පීඩාවට පත් වූ සිත් රිදවීමට ලක්වූ ඕනෑම කෙනෙකුට මගේ හෘදයාංගම සහ අවංක සමාව අයැදිමි.

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!