චිත්‍රපට පසුබිම් ගායනයෙන් සමුගත් අරිජිත් සිං අක්ෂේගේ චිත්‍රපටයක ගීයක් ඉල්ලයි..

චිත්‍රපට පසුබිම් ගායනයට නැවත සම්බන්ධ නොවන බව ප්‍රකාශයට පත් කළ බොලිවුඩ් ප්‍රසිද්ධ ගායකයා වන අරිජිත් සිං (Arijit Singh) Bhooth Bangla චිත්‍රපටයේ නව ගීතයක් සමඟ නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

මෙම චිත්‍රපටයෙන් නිකුත් කළ “Tu Hi Disda” නම් රොමැන්ටික් ගීතය මේ වනවිටත් ප්‍රේක්ෂකයන්ගේ අමන්දානන්දයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන් එය අක්ෂේ කුමාර්ගේ දැඩි සතුටට හේතු වී තිබෙනවා. ඒ චිත්‍රපටයේ එම ගීය අරිජිත් ගායනා කරන්නේ ඔහුට හඬ ලබා දීම සඳහා වන හෙයිනි.

අක්ෂේ තම X ගිණුමේ “ඔබ සමඟ එකට වැඩ කිරීම හැම විටම විශේෂයි. #ArijitSingh, ඔබේ මායාමය හඬ #TuHiDisda සඳහා එක් කළාට ස්තූතියි.” යනුවෙන් පවසා තිබුණා.

විශේෂයෙන්ම, අරිජිත් සිං ගායනයෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ඔහු Balaji Motion Pictures කණ්ඩායම හා සංගීතය නිර්මාණය කළ ප්‍රීතම් (Pritam) හා සම්බන්ධ වෙමින් “Tu Hi Disda” ගීතය ගායනා කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ. ගීතය ඇසූ විටම ඒ සමඟ තමාට ඇති වූ සම්බන්ධතාවය නිසා හැඟීම්පූර්ණ ලෙස එය ගායනා කිරීමට තමාට විශ්වාසයක් ඇති වූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

Tu Hi Disda ගීතය ප්‍රීතම් (Pritam) විසින් නිර්මාණය කරනු ලැබූ අතර ආක්ෂේ කුමාර් (Akshay Kumar) සහ වමිකා ගබ්බි (Wamiqa Gabbi) යන නළු නිළියන් එයට රංගනයෙන් දායක වී තිබෙනවා.

2026 ජනවාරි 27 දින, අරිජිත් සිං තමන් යළි චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස නව ගීත භාර ගැනීම නවත්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා.

Latest News

error: Content is protected !!