මේක හැමෝටම අමාරු කාලයක්.. ප්‍රසිද්ධ රංගන පවුලක ජනප්‍රිය නිළිය සැන්ඩ්විච් එකක් හොරකම් කරලා…

ජපානයේ ප්‍රසිද්ධ රංගන පවුලකට අයත් රංගන ශිල්පිනියක වූ අන්රි සකාගුචි (Anri Sakaguchi) යෙන් 300 ක් පමණ වටිනා සැන්ඩ්විච් එකක් සොරකම් කිරීම මේ වන විට ආන්දෝලනාත්මක පුවතක් බවට පත් වී තිබෙනවා.

පසුගිය සතියේ හචියෝජි නගරයේ වෙළඳසැලකින් සැන්ඩ්විච් එකක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මාර්තු 17 වන දින දහවල්, යෙන් 300 ක වටිනාකමකින් යුත් සැන්ඩ්විච් එක සොරකම් කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබුණා.

සොරකම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඇය චෝදනා පිළිගත් බව ටකාඕ පොලිසිය පවසා ඇති අතර ඇය තවමත් අත්අඩංගුවේ පසුවන බවයි සඳහන් කර ඇත්තේ.

35 හැවිරිදි අන්රි, ජපානයේ දියණිය ලෙස හඳුන්වන ජනප්‍රිය නිළි රියෝකෝ සකගුචිගේ දියණියයි. ඇය 2008 දී කලාවට පිවිසීමෙන් පසු රූපවාහිනී කතා මාලා ගණනාවක පෙනී සිටි බව වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!