ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා පහතට..

මැදපෙරදිග යුද වාතාවරණය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජනප්‍රියතාව 36% දක්වා පහත වැටී ඇති බව රොයිටර් පුවත් සේවය කළ නවතම මත විමසුමකින් හෙළි වී තිබේ. මීට පෙර එය 40%ක් ලෙස වාර්තා විය.

ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් දියත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අමෙරිකානු ජනතාව තුළ දැඩි කලකිරීමක් පවතින බව සමීක්ෂණයෙන් අනාවරණය වේ. 2026 පෙබරවාරි 28 වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර දියත් කිරීමත් සමඟ ගෝලීය තෙල් මිල ඉහළ ගිය අතර, එය අමෙරිකානු වැසියන්ගේ ජීවන වියදමට සෘජුවම බලපා ඇත.

ආර්ථිකය සහ ජීවන වියදම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව ජනමතය හැරී ඇති බවත්, යුද්ධය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරන බවත් සමීක්ෂණ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර, අමෙරිකානු රජය විසින් ඉරානයට ඉදිරිපත් කර ඇති කරුණු 15කින් යුත් සටන් විරාම සැලැස්ම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව ඇත.

Latest News

error: Content is protected !!