Dhurandhar: The Revenge: මාධවන්ගේ බුද්ධි අංශ අධ්‍යක්ෂ චරිතයට නඩුවක්…

Dhurandhar: The Revenge චිත්‍රපටය සික් ආගමික හැඟීම්වලට හානි සිදු කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

චිත්‍රපටයේ ආර් මාධවන්ගේ චරිතය වන බුද්ධි කාර්යාංශයේ අධ්‍යක්ෂ අජේ සන්යාල් පූජනීය දසම් ග්‍රන්ත (Dasam Granth)යේ වාක්‍යයක් කියමින් දුම් පානය කරන දර්ශනයට මෙම චෝදනාව එල්ල වී ඇති බවයි වර්තා වන්නේ.

මෙම දර්ශනය ගුරු ගෝබින්ද් සිං (Guru Gobind Singh) සහ සික් ආගමට අගෞරවයක් ලෙස සැලකෙන බවට චෝදනා කරමින් ශිව සේනා (Shiv Sena) නායකයෙකු විසින් පැමිණිල්ලක් ගොනු කර ඇති බව සඳහන්ය.

මෙම චෝදනා පිළිබඳව ආර් මාධවන් (R. Madhavan) Instagram හරහා පැහැදිලි කිරීමක් පැවසුවේ, මෙම සිදුවීම වැරදි සහගත ලෙස අවබෝධ කර ගැනීමේ ප්‍රශ්නයක් බවයි.

එම පද කියන දර්ශනයට පෙර සිගරට් නිවා දමන ලෙස අදිත්‍ය ධාර් (Aditya Dhar) විසින් උපදෙස් දී තිබූ බව ඔහු පවසා තිබෙනවා. දර්ශනයේදී දුම, සිගරට් හෝ එවැනි කිසිවක් නොපෙනෙන ලෙස සැලසුම් කර තිබූ බව අවධාරණය කරමින් ඔහු කියා සිටියේ තමන් මෙම ආගමික කරුණු “ඉතාමත් පූජනීය හා ගෞරවනීය” ලෙස සලකන බවයි.

Latest News

error: Content is protected !!