අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලේ 7 වන වාට්ටුවට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත්, ඔහුගේ අසනීප තත්ත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින්ට සහ නීතිඥයින්ට අවසර ලබා දී නොමැති බව වාර්තා වේ.
මේ අතර, හිටපු විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්‍රි මහතා පවසන්නේ, සුරේෂ් සලේ මහතාට එල්ල වන පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ චෝදනා ‘පට්ටපල් බොරුවක්’ බවත්, ඒ සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බවත්ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ සිදුවීම් පිළිබඳව තමාට විශාල දුකක් ඇති බවයි.
