කිම් ජොන්ග් උන්ගෙන් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක්!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියෙන් හැඩගැසුණු ලෝකයක, රටක ආරක්ෂාව තීරණය වන්නේ ශක්තිමත් හමුදා බලයක් ඇත්නම් පමණක් බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාවේ ක්‍රියාකලාපය පෙන්වා දෙමිනි.

තවදුරටත් තර්ජනයට ලක්ව ඇති රටක් නොවන බවත්, අවශ්‍ය නම් තර්ජනයක් එල්ල කිරීමේ බලය දැන් උතුරු කොරියාව සතු බවත් කිම් ජොන්ග් උන් අවධාරණය කළේය.

2019 වසරේදී ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු, න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කිරීම සහ ‘ස්වයංපෝෂිත ආර්ථිකයක්’ ගොඩනැගීම තමන් ගත් හොඳම තීරණය බවද ඔහු කියා සිටියේය.

Latest News

error: Content is protected !!