ඉරාන යුද්ධය සියලු සීමාවන් ඉක්මවා ගොස් ඇති බවත්, ලෝකය දැවැන්ත ගැටුමකට මුහුණ දෙමින් සිටින බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිව්යෝර්ක් නුවරදී අනතුරු ඇඟවීය.
යුද්ධය උත්සන්න කිරීම නතර කර, වහාම රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් වෙත යොමුවන ලෙස ඔහු ඉල්ලා සිටියි. ඇමරිකාව සහ ඊශ්‍රායලය මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බවත්, ඉරානය විසින් අසල්වැසි ගල්ෆ් කලාපීය රටවලට එල්ල කරන ප්‍රහාර නතර කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
එසේම, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ලෝක ආර්ථිකයට, විශේෂයෙන්ම තෙල් සහ පොහොර සැපයුමට දැඩි බලපෑම් එල්ල වී ඇති බව මහලේකම්වරයා පෙන්වා දුන්නේය. ලෙබනනය තුළ සිදුවන ප්‍රහාර වහාම නතර කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටි ඔහු, “ගාසා තීරයේ තත්ත්වය ලෙබනනය තුළ යළි නිර්මාණය නොවිය යුතු” බවට දැඩිව ප්‍රකාශ කළේය.
