මරණ මුවින් බේරී කිලෝමීටර් 17ක් ගිය ලොවම සසල කළ බලු රංචුව

මස් පිණිස රැගෙන යමින් සිටියදී බේරී පලා ආ බල්ලන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වේ.

වයඹදිග චීනයේ අධිවේගී මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 17ක් දුර ගෙවා සිය හිමිකරුවන් සොයා ගිය මෙම බලු රංචුවට කුරු කෝර්ගි (Corgi) වර්ගයේ බල්ලෙකු නායකත්වය දී ඇත.

තුවාල ලබා සිටි ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙකුට සෙසු බල්ලන් ආරක්ෂාව සපයමින් ඉතා සංවේදී ලෙස ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝව මේ වන විට ලොව පුරා මිලියන ගණනකගේ අවධානයට ලක්ව තිබේ. අවසානයේ මොවුන් සියලු දෙනාම නිරුපද්‍රිතව සිය නිවෙස් කරා ළඟා වී ඇති බව වාර්තා වේ.

Latest News

error: Content is protected !!