අවුරුදු කුමරිය තරගයකදී පිඹුරෙකු සමඟ නටා නීතියේ රැහැනට හසු වූ තරුණිය කියන කතාව

2026 අවුරුදු කුමරිය තරගයක් අතරතුර ජීවමාන පිඹුරෙකු ගෙල වටා ඔතාගෙන නර්තනයක යෙදුණු 18 හැවිරිදි නෙත්මි හිරණ්‍යා නම් සිසුවිය මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටී.
 
රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සංවිධානය කළ මෙම තරගයේදී ඇය රුපියල් 25,000ක මුදලකට කුලියට ගත් පිඹුරෙකු මෙලෙස ප්‍රදර්ශනය කර තිබුණි.
 
වනජීවී ආඥාපනත යටතේ ආරක්ෂිත සතෙකු ළඟ තබා ගැනීම සහ ප්‍රදර්ශනය කිරීමේ වරද මත ඇයට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදු වූ අතර, පසුව ඇප මත නිදහස් විය.
 
අන්තර්ජාලයේ මෙවැනි දර්ශන දැකීමෙන් තමා මෙය සාමාන්‍ය දෙයක් ලෙස සිතූ බවත්, මෙහි ඇති නීතිමය බාධාවන් පිළිබඳව තමා දැනුවත් නොවූ බවත් ඇය පවසයි. ඕනෑම නිර්මාණාත්මක කටයුත්තකට පෙර එහි නීතිමය පසුබිම සොයා බැලීමේ වැදගත්කම ඇය සමඟ සිදුකළ සමාජ මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරණය කළාය.
 
මෙම නඩුව තවමත් අවසන් වී නොමැති බවත්, සත්ව අයිතිකරුට ද අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවත් ඇය සඳහන් කළාය. නීතිය සැමට පොදු බව අවධාරණය කළ ඇය, ඉදිරි නීතිමය ක්‍රියාවලියට ගරු කරමින් ඊට මුහුණ දීමට සූදානම් බව වැඩිදුරටත් පැවසුවාය.

Latest News

error: Content is protected !!