BTS වසර 4කට පසු නැවත එකට එක්වී පැවැත්වූ “Arirang” ප්‍රසංගයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ ඉඩකඩක් පවතින බවට වාර්තා පළ වෙමින් පවතී.
මෙම ප්‍රසංගය පසුගිය මාර්තු 21 වැනිදා විශාල රසික සහභාගිත්වයකින් යුතුව ග්වාන්ග්වාමුන් චතුරස්‍රයේ (Gwanghwamun Square) දී පැවැත්වුණා.
එයට රජය හා පොලිසිය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා විශාල ජනකායක් පැමිණීම හේතුවෙන් ඇති වු අපහසුතා කණ්ඩායමට හා එහි සංවිධායකන්ට එරෙහිව නීතිමය ගැටලුවකට මඟ පාදා තිබෙනවා. ප්‍රසංගය හේතුවෙන් නගරයේ ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වූ අතර, පොදු ප්‍රවාහන සේවාවන් තාවකාලිකව නවතා දැමුණු බවයි පවසන්නේ. ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයින් මෙමගින් දැඩි අපහසුතාවට ලක් වූ බව වාර්තා වෙනවා.
BTS නායක RM, Weverse හි දීර්ඝ ලිපියක් පළ කරමින් ඇති වූ අපහසුතා සඳහා සමාව අයැද සිටීමට ද කටයුතු කර ඇත්තේ ඒ අනුවයි. මෙම ලිපිය ඔස්සේ රථවාහන සීමා වීම් හා අධික ශබ්ද හේතුවෙන් ඇති වූ අපහසුතාවයන් සඳහා ග්වාන්ග්වාමුන් ප්‍රදේශයේ ජනතාව, කුඩා වෙළඳුන් සහ කාර්යාල සේවකයින්ගෙන් RM සමාව අයැද තිබෙනවා. මේ අතර අධික ජනතා සහභාගීත්වයක් සිදු වූ ප්‍රසංගයේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් පොලිසිය, ගිනි නිවන භටයින්, පරිපාලන ආයතන සහ පළාත් පාලන ආයතන වෙත සිය කෘතඥතාව පළ කිරීමට ද ඔහු කටයුතු කර තිබුණා.
මෙම ප්‍රසංගය පැවැත්වෙන භූමියේ නිල වශයෙන් ආසන 22,000ක් වෙන් කර තිබුණද චතුරස්‍රය වටා ලක්ෂයකට අධික පිරිසක් එක් වී සිටි බවයි වාර්තා වුණේ.
