විවාහයෙන් පසු විජේ දේවරකොණ්ඩා හා රශ්මිකා මන්දනා සාමාන්‍ය හනිමූන් ‘Homeymoon’ එකක් වෙනුවට තෝරාගෙන ඇත්තේ බඩීමූන් ‘buddymoon’ එකකි.
මොකක්ද ඒ?
නව විවාහයකින් පසු මනාලිය හා මනමාලයා හුදෙලකාව ගත කරන නිදහස් දින කිහිපය වෙනුවට “VIROSH” යුවළ තෝරාගෙන ඇත්තේ මිතුරන් සමඟ සතුට, විවේකය සහ සුඛෝපභෝගී අත්දැකීම් එක් කරගත් බඩීමූන් එකක් කෙටියෙන්ම කියනවා නම් යහළුවන් සමඟ එකට කාලය ගත කරන ට්‍රිප් එකකි.
ඔවුන් බඩීමූන් එක ගත කළේ තායිලන්තයේ සුන්දර දූපතක් වන Koh Samui හිදීය. එහිදී දෙදෙනා නවාතැන් ගත් ස්ථානය වන්නේ චාවේන්ග් බේ එකට ඉහළින් පිහිටි සුන්දර කඳුමුදුනක ඇති විශාල Airbnb විලා එකක් වන ‘Villa Koh Koon’ නම් ස්ථානයයි.
මෙම විලා එකේ එක් රාත්‍රියක මිල අමෙරිකානු ඩොලර් 2,500ක් (ශ්‍රී ලංකා රු. 780,000-ආසන්න වශයෙන්) වන අතර ඊට අමතරව අමෙරිකානු ඩොලර් 1,500 (ශ්‍රී ලංකා රු. 466,500) ආරක්ෂක තැන්පතුවක්ද ඊට ඇතුළත්ය.
💕 මේ අතර ඔවුන් Instagram හරහා බෙදාගත් වීඩියෝවක ඔවුන් එකට ගත කරන අවස්ථා කිහිපයක් සටහන් වී ඇති ආකාරය දැකගත හැකියි.
එහිදී රශ්මිකා “මගේ සැමියා” කියා කීමට තවමත් හැමවිටම හුරු වෙමින් සිටින අතර විජේ පවසන්නේ ඇය තවමත් මගේ හොඳම මිතුරිය බවයි.
රශ්මිකා එම වීඩියෝව බෙදාගනිමින් මෙම සටහන එක් කර තිබුණා.
විවාහ උත්සවයෙන් පසු, අපි දින කිහිපයක් ටිකක් මන්දගාමීව ගත කිරීමට කැමති වුණා.
නිස්කලංක උදෑසන, දහවල් පිහිනුම් සහ සවස් කාලයේ මේස පන්දු, තටාක සහ චිත්‍රපට රාත්‍රීන් සමඟ බොහෝ කාලයක් සිනහවෙන් ගත කළා. කෝ සමුයි හි මෙම @airbnb අපට නිවසක් මෙන්ම දැනුණා. 🥰🤍
