බල්ලන් මිනිසාගේ මිතුරා වූයේ වසර 15,000කට පෙර සිට!

මිනිසා සහ බල්ලා අතර සබඳතාවයේ ඉතිහාසය නැවත ලියවෙයි! සමර්සෙට් හි චෙඩර් ගෝර්ජ් ගුහාවකින් හමුවූ වසර 15,000ක් පැරණි බල්ලෙකුගේ හනුවක අස්ථි කොටසක් DNA විශ්ලේෂණයන්ට අනුව හීලෑ කරන ලද බල්ලෙකුට අයත් බව ලන්ඩන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ආචාර්ය විලියම් මාර්ෂ් ඇතුළු පර්යේෂක කණ්ඩායම අද නිවේදනය කළා.

මෙම සොයාගැනීමත් සමඟ බල්ලන් මිනිසා සමඟ සමීප සබඳතාවක් ගොඩනගාගත් කාලය තවත් වසර 5,000කින් පමණ ඈතට ගමන් කරනවා. එනම්, ගවයන් හෝ බළලුන් වැනි සතුන් මිනිසාට හුරු වීමට බොහෝ කලකට පෙර සිටම බල්ලා මිනිසාගේ සහායකයෙකු ලෙස කටයුතු කර ඇති බව මෙයින් පැහැදිලි වනවා. හිම යුගය අවසානයේ මිනිස් කඳවුරු අසල ගැවසෙමින් ඉතිරි වූ ආහාර අනුභව කළ අළු වෘකයන් කාලයත් සමඟ දඩයම් කිරීමට, ආරක්ෂාව සැපයීමට සහ මඟ සලකුණු හඳුනා ගැනීමට මිනිසාට උදව් කර ඇති බව විද්‍යාඥයෝ පවසනවා.

මෙම අඟල් 9ක් පමණ දිග අස්ථි කොටස 1920 දශකයේදී සොයාගෙන දශක ගණනාවක් තිස්සේ කෞතුකාගාරයක තිබී ඇති අතර, ආචාර්ය මාර්ෂ්ගේ පර්යේෂණ අතරතුර අහම්බෙන් මෙය පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු එහි වැදගත්කම හෙළි වී තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලැචී ස්කාර්ස්බෲක් පවසන්නේ මෙය මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳව පවතින මතය වෙනස් කරන අතිශය වැදගත් සොයාගැනීමක් බවයි.

Latest News

error: Content is protected !!