ඉරානය වයස අවු 12ට අඩු ළමුන් යුද්ධයට බඳවා ගැනීමට අවසර දෙයි

ඉරානයේ යුද්ධයට අදාළ සහායක කාර්යයන් සඳහා අවම වයස අවුරුදු 12 දක්වා අඩු කර ඇති බව ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (Islamic Revolutionary Guard Corps) රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබෙනවා.

ටෙහ්රාන්හි බලධාරීන් ප්‍රකාශ කර ඇති ආකාරයට “For Iran” නමින් ක්‍රියාත්මක වැඩසටහනක් මගින් යුද්ධයට සහාය දැක්වීමට කැමති පිරිස් බඳවා ගනු ලබනවා. එම වැඩසටහන යටතේ මුරපොළවල්, පරීක්ෂණ ස්ථාන සහ ලොජිස්ටික් සහාය වැනි කාර්යයන් සඳහා දායක වීමට හැකි බවයි සඳහන් වන්නේ.

තරුණයන් සහ ළමුන් වැඩි වශයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම හේතුවෙන් මෙම වයස් සීමාව පහළ දැමීමට තීරණය කළ බව බලධාරීන් පවසා තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 12 සහ 13 අතර දරුවන්ටත් මෙම කාර්යයන් සඳහා සහභාගී වීමට ඉඩ ලබා ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම තීරණය ජාත්‍යන්තර මට්ටමින් විවේචනයට ලක් වෙමින් පවතී. විශේෂයෙන් එක්සත් ජාතීන් යටතේ ක්‍රියාත්මක වන ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (Convention on the Rights of the Child) අනුව, ළමයින් යුද කටයුතුවලට සම්බන්ධ වීම සීමා කරනු ලැබූවකි.

යුද කටයුතු සඳහා ළමයින් යොදා ගැනීමේ දී මොහොමඩ් හොසේන් ෆමිඩේ (Mohammad Hossein Fahmideh) යන නම ඉරානයේ විශේෂයෙන් සඳහන් වෙනවා. ඉරාන-ඉරාක යුද සමයේ, 13 වියැති ෆමිඩේ ඉරාක යුද ටැංකියක් විනාශ කිරීමට ජීවිතය පරිත්‍යාග කළ බව සඳහන්ය.

ඒ හේතුවෙන් ඔහු අදටත් ඉරානයේ “තරුණ වීරත්වයේ සංකේතයක්” ලෙස සැලකෙනවා.

Latest News

error: Content is protected !!