ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක විරාත් කෝලි (Virat Kohli) අලුත්ම ටැටූ එකක් (tattoo) තම වම් අතට එකතු කරගෙන තිබෙනවා.
එය ඔහුගේ සම්පූර්ණ අත පුරා (full sleeve) දිවයන එකක් වන අතර එය නිර්මාණය කළේ Aliens Tattoo India විසිනි.
විශේෂත්වය වන්නේ එය සාමාන්‍ය ෆැෂන් එකකින් ඔබ්බට ගැඹුරු අර්ථයක් උද්වීපනය වන ආකාරයෙන් නිර්මාණය කර තිබීමයි. කෝලිගේ ජීවිත ගමන සහ පෞරුෂයේ වෙනස්වීම් නිරූපණය ලෙස එය නිර්මාණය කළ බව එම ආයතනය පවසා තිබෙනවා.
ඔහුගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී ඇති වූ පරිවර්තනයන්, අතහැර දැමූ පැරණි මතක වගේම ඔහුගේ විවිධ ගුණාංග සියල්ල කැටි කරමින් මෙම ටැටු එක නිර්මාණය කර ඇති බවයි පැවසෙන්නේ.
කෝලිගේ වම් අතේ මීට පෙරත් ටැටූ කිහිපයක්ම තිබුණු නමුත් ඒවා අතරින් සමහරක් කාලයත් සමඟ නොපෙනී ගොස් තිබෙනවා. එම නිසා, නව නිර්මාණයේදී පැරණි ටැටූ කිහිපයක් ආවරණය කරමින් හා කිහිපයක් නැවත සකස් කරමින්, සම්පූර්ණ අතටම පච්චය කොටා තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (Indian Premier League) 2026 තරඟාවලිය, මාර්තු 28 දින ආරම්භ වන අතර, කෝලි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු(Royal Challengers Bengaluru) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය. ඔවුන්ගේ පළමු තරඟය සන් රයිස් හයිද්‍රාබාද් (Sunrisers Hyderabad) සමඟ එම් චින්නසාමි ක්‍රීඩාංගනයේ දි (M. Chinnaswamy Stadium) හි පැවැත්වේ.
