හැරී පෝටර් අලුත්ම චරිත නිල වශයෙන් එළි දක්වයි..

ලොව පුරා ජනප්‍රිය වූ Harry Potter and the Philosopher’s Stone කතාව පදනම් කරගෙන නිර්මාණය කරන නව ටෙලිවිෂන් මාලාව පිළිබඳව වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි (Warner Bros. Discovery) සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙම කතා මාලාව “Harry Potter and the Philosopher’s Stone” නම් කර ඇති අතර එය HBO Max හරහා මේ වසරේ නත්තල් සමයේ ලොව පුරා නිකුත් කිරීමට නියමිතය.

ලන්ඩන් නගරයේ පැවති විශේෂ උත්සවයකදී නව ටීසරය ප්‍රකාශයට පත් කරමින් සමාගම මේ බව නිවේදනය කළා.

නව ටීසර් වීඩියෝවෙන් හැරී (Harry), රොන් (Ron), හර්මයින් (Hermione), ඩ්‍රේකෝ (Draco), ස්නෙප් (Snape) සහ හග්‍රිඩ් (Hagrid) වැනි ප්‍රධාන චරිත කිහිපයක් හඳුන්වා දී ඇති අතර, හැරී සාමාන්‍ය ජීවිතයෙන් මන්ත්‍ර ලෝකයට පිවිසෙන ආකාරය එහි ඇතුළත් කර තිබෙනවා.

මෙහි හැරී පෝටර්ගේ චරිතය චරිතය නවක නළුවෙකු වන ඩොමිනික් මික්ලොක්ලින් (Dominic McLaughlin) විසින් නිරූපනය කරනු ලබනවා.

Latest News

error: Content is protected !!