ඉරානයට සම්බන්ධතා ඇති බවට සැලකෙන හැකර් කණ්ඩායමක්, ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රධානි කෑෂ් පටෙල් (Kash Patel)ගේ පෞද්ගලික ඉමේල් ගිණුමක් හැක් කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.
“Handala Hack Team” ලෙස තමන් හඳුන්වාගත් මෙම කණ්ඩායම, පටෙල්ගේ ඡායාරූප සහ ලේඛන කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කළ බව වාර්තා වෙනවා. ඔවුන්ගේ වෙබ් අඩවියේ නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වූයේ ඔහුව තම සාර්ථකව හැක් කළ පුද්ගලයින්ගේ ලැයිස්තුවට එක් කළ බවයි.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තු (DOJ) නියෝජිතයෙකු මේ සිද්ධිය පිළිබඳව ප්‍රතිචාර දක්වමින්, ලීක් වූ දත්ත “සැබෑවක් විය හැකි බවට පෙනෙනවා” යැයි සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, FBI පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රකාශයක් නිකුත් වී නැහැ.
Handala කණ්ඩායම තමන් “පලස්තින පක්ෂපාතී hacktivist කණ්ඩායමක්” ලෙස හඳුන්වා ගෙන තිබෙනවා. එහෙත් බටහිර සයිබර් ආරක්ෂක විශ්ලේෂකයන් අනුව, එය ඉරාන රජයට සම්බන්ධ සයිබර් ඒකකයක් බවටයි සැක පළ කර තිබෙන්නේ.
මෙම මාසයේ මුලදී, මෙම කණ්ඩායම Stryker නමැති ඇමරිකානු වෛද්‍ය තාක්ෂණ සමාගමකට සිදු කළ සයිබර් ප්‍රහාරයක් සඳහාද වගකීම භාරගෙන තිබුණා. එම ප්‍රහාරයෙන් විශාල දත්ත ප්‍රමාණයක් මකා දැමූ බව ඔවුන් කියා සිටියා.
