දකුණු කොරියානු නළු ලී සැන්ග් බෝ නිවසේදීම මියගිහින්

දකුණු කොරියානු රංගන ශිල්පී ලී සැන්ග් බෝ (Lee Sang Bo) Pyeongtaek හි පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

මියයන විට ඔහු වයස අවුරුදු 45 පසු වුණා.

ඔහුගේ පවුලේ සාමාජිකයෙකු විසින් තහවුරු කර ඇති ආකාරයට ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ අද (දහවල් 12.40ට පමණ) ය.

පොලිසිය සඳහන් කරන්නේ මෙතෙක් මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බවයි. සැකකරුවන් හෝ අපරාධයක් සම්බන්ධ සාධක මෙතෙක් හමුවී නැති බව ද පොලිසිය පවසා තිබෙනවා.

එමෙන්ම ඔහුගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවයි පැවසෙන්නේ.

ඔහුගේ නියෝජිත ආයතනය වන Korea Management Group (KMG) ද මේ සිද්ධිය පිළිබඳ තොරතුරු තවම තහවුරු කර ගනිමින් පවතින බවයි පවසා ඇත්තේ.

ඔහුගේ අවමංගල්‍ය කටයුතු මාර්තු 29වැනිදා ජන්ගැන්ග් අවමංගල්‍ය ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ලී සැන්ග් 2006දී “The Invisible Man” නාට්‍යයෙන් රංගන ලෝකයට පිවිසුණා.

ඔහු රංගනයෙන් දායක වූ ජනප්‍රිය කෘති අතර Private Lives, Elegant Empire, Miss Monte-Cristo වැනි මාලා නාට්‍ය පවතින අතර Secretly Greatly, Mephisto වැනි චිත්‍රපටද පවතී.

2022දී ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර එම චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ මානසික අවපීඩනය (depression) සඳහා ගත් ඖෂධවල ප්‍රතිඵලයක් බවයි.

පොලිස් විමර්ශනයකින් පසු ඔහුට එම චෝදනාවලින් නිදහස් වීමටද හැකි වී තිබුණා.

Latest News

error: Content is protected !!