හෝමූස් සමුද්‍ර සන්ධිය ‘ට්‍රම්ප්’ සමුද්‍ර සන්ධිය ලෙස නම් කරයි

මේ වන විට අඛණ්ඩව දෙවැනි මාසයට මුල පුරා ඇති ඉරාන යුද්ධය අතරතුර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘හෝර්මූස්’ සමුද්‍ර සන්ධිය ‘ට්‍රම්ප්’ සමුද්‍ර සන්ධිය ලෙස හඳුන්වා තිබෙනවා.

ඉරානය “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය විවෘත කළ යුතුයි.. මම කියන්නේ, හෝර්මුස්,” ෆ්ලොරිඩාවේ මියාමි හි පැවති ආයෝජන සමුළුවකදී කථා කරන අතරතු ජනාධිපතිවරයා හෝර්මූස් සමුද්‍ර සන්ධිය එසේ නම් කර ඇත්තේ එම සභාවේ සිටි සියලු දෙනා අතර සිනහවක් මතු කරමිනි.

එසේ ප්‍රකාශ වීම වැරැදීමක් බව ප්‍රකාශ කළ ට්‍රම්ප් විහිළුවෙන් විහිළුව මට වැරදි වෙන්නේ නැත යනුවෙන්ද පවසා ඇතැයි මාධ්‍ය වාර්තා පවසනවා.

එසේ නමුත් ට්‍රම්ප් සිය කතාව පුරාම ලෝකයේ අති වැදගත් තෙල් ප්‍රවාහ මාර්ගයක් වන හෝර්මූස් නැවත විවෘත කළ යුතු බවට අවධාරණය කර තිබුණා.

එමෙන්ම ඔහුගේ කතාව අතරතුර ට්‍රම්ප් ඉරානය පරාජයට ලක්වෙමින් ඇති බවයි කියා සිටියේ. ඉරාන හමුදාව, නාවික බලය හා න්‍යෂ්ටික වැඩසටහනට දැඩි හානි සිදුවී ඇති බවත් සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති අතර ගිවිසුමක් සම්බන්ධයෙන් වැඩ කරමින් සිටින බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

Latest News

error: Content is protected !!