වසර 20කට වැඩි කාලයක් බොලිවුඩ් පුරවරයේ දස්කම් දැක්වූ කත්‍රිනා කයිෆ් එම කාලය පුරා තමා සමඟ ගත කළ මිනිසෙකු පිළිබඳ අනාවරණය කළේ වසර කිහිපයකට ඉහතදීය.
ඔහු විකී කෞෂාල් නම් නොවේ. ඔවුන් දෙදෙනා පිළිබඳ මුල්වරට කතා බහක් ඇති වුණේ 2018 වසරෙදි.
ඉන් පස්සෙ 2019 වගේ වෙනකොට විකී හා කත්‍රිනා අතර සම්බන්ධතාවක් පිළිබඳ කට කතා වැඩිවෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔවුන් අතර සම්බන්ධතාවට වසර හයකට හතකට වැඩි ඉතිහාසයක් නැහැ.
එහෙනම් අවුරුදු 20ක් කත්‍රිනාගේ ළඟින්ම හිටිය අනෙක් කෙනා කවුද?
ඔහු ඇගේ පෞද්ගලික සහායකයායි.
කත්‍රිනා 2023 අවුරුද්දේ දී ඇගේ පෞද්ගලික සහකරු අශෝක් ෂර්මා ගැන Instagram හි සටහනක් බෙදා ගත්තේ වසර 20 ක් ඇගේ ජීවිතේ සමීපතම පුද්ගලයාව සිටීමට කෘතඥතාව පළ කරමිනි.
ඔවුන් දෙදෙනා වසර 20ක් එකට වැඩකරන බව ඇය එහි පවසා තිබුණා.
“අද අශෝක් ෂර්මා මහතාට හා මගේ බැඳීමට අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා. පසුගිය අවුරුදු 20 තුළ මා සමඟ වැඩිම කාලයක් ගත කළ පුද්ගලයා. සිනහවේ සිට මෝටිවේෂන් කතා දක්වා. මම කැමතිම කෝපි නොබී සිටීමට මා සමඟ සටන් කරන අවසානයේ මගේ කැමැත්තට ඉඩ දෙන තැනැත්තා ඔහුයි”
“කවුරුහරි මට සෙට් එකේදී හිරිහැර කළා නම්, අශෝක් ජී අඬනවා. මේ සියල්ලේදී අපි එකට හිටියා. ඔහුගේ මිත්‍රශීලී මුහුණ, නිරන්තරයෙන් මට අවශ්‍ය දේ මටත් කලින්ම දැනගත්තා. මෙම අවුරුදු 20 තුළ මා දෙස නිතරම විමසිල්ලෙන් බලා සිටින කෙනෙක්.”
කත්‍රිනාගේ මේ කෘතඥභාවයට බොහෝ දෙනෙක්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබී තිබුණා.
සාමාන්‍ය සේවකයකුගෙන් ඔබ්බට ඇය ඔහුට දී තිබෙන වටිනාකම පිළිබඳ අදහස් දක්වමින් “මොන තරම් ලස්සන සටහනක්” දැයි ඇතැම් අය අසා තිබුණා.
