නියපොතු හා ලෝහ කැබලි සහිත අයිස්ක්‍රීම් විකුණා කාන්තාවක් සදාකාලික ආබාධිත කළ සමාගමට ගෙවන්න වූ වන්දිය..

අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කාන්තාවක් අයිස්ක්‍රීම් කෝනයක් තුළ නියපොතු ලෝහ කැබලි තිබීම නිසා බරපතළ ලෙස ආබාධිත වූ සිද්ධියකට අදාළව, අධිකරණ ජූරි තීන්දුවක් මගින් ඩොලර් මිලියන 14කට ආසන්න වන්දි මුදලක් නියම කර තිබෙනවා.

මෙම නඩුවේදී Bruster’s Real Ice Cream සමාගම දූෂිත අයිස්ක්‍රීම් සපයා ඇති බවට වගකිව යුතු බවයි බ්‍රෙවර්ඩ් ප්‍රාන්ත අධිකරණය තීරණය කර තිබෙන්නේ.

2018 සැප්තැම්බර් 11 දින, Palm Bay නගරයේ තිබෙන මෙම සමාගමේ අයිස්ක්‍රීම් ශාඛාවකට තම දරුවන් දෙදෙනා සමඟ ගිය බ්‍රැන්ඩි බක්ලි (Brandy Buckley) නම් කාන්තාවක් butter pecan අයිස්ක්‍රීම් සහිත waffle cone එකක් භුක්ති විඳිමින් සිටියදී අසාමාන්‍ය දෙයක් ඇයට දැනී තිබෙනවා.

ඇය විසින් ඒවා pecan කැබලි ලෙස සිතා රස බැලුවද පසුව නියපොතු කොටස් හා ලෝහ කැබලි බව අනාවරණය වී තිබෙනවා. රෝහලේදී කරන ලද X-ray පරීක්ෂණවලදී ද ඇය ලෝහ කැබලි කිහිපයක් ගිල ඇති බව අනාවරණය වුණා. ඇයගේ ශරීරයෙන් එම ද්‍රව්‍ය ඉවත් කිරීමට ශල්‍යකර්මයක් සිදු කළ ද සියලුම කැබලි ඉවත් කළ නොහැකි වූ නිසා දිගුකාලීන රෝගී තත්ත්වයකට ඇය ලක් වූ බවයි වාර්තා වුණේ.

2019දී ගොනු කළ මෙම නඩුව මේ මාසයේ විභාගයට ගත් අවස්ථාවේ සිද්ධියෙන් සිදු වූ හානියේ බරපතල බව හා ආහාර ආරක්ෂාව පිළිබඳ වගකීම සමාගමට පැවරෙන බව යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම විශාල වන්දි මුදල ලබා දීමට තීරනය කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!