පිච්චෙන තරම් රස්නෙට ඔරොත්තු දෙන්න අයිස් කියුබ් හැක් එකක්..🔥🧊

ඉන්දීය නිළියක් වන රාධිකා මදන් (Radhikka Madan) තමන්ගේ අම්මාගෙන් ඉගෙනගත්ත සුපිරි අයිස් කියුබ් (ice cube) හැක් එකක් ෂෙයාර් කරගෙන තියෙනවා. මොනව කළත් පිච්චෙනවා වගේ දැනෙන රස්නෙ කාලෙට හොඳයිද කියලා ට්‍රයි කරලා බලන්න පුළුවන් හොඳ වැඩක් නිසා අපිටත් මේක ෂෙයාර් කරගන්න හිතුණා. 💚

සෙල්ලම් නෑ. මෙයා මේ හැක් එක කියලා දුන්නේ බොලිවුඩ් අධ්‍යක්ෂවරියක් වන ෆාරා ඛාන් (Farah Khan) ඇයගේ නිවසට ගොඩ වුණු වෙලාවක.

හදාගන්නේ මෙහෙමයි.

කොත්තමල්ලි
මින්ට්
ඉඟුරු
මිරිස්
බැදපු දුරු
ලුණු + Chaat masala (මාසාලා පවුඩර් විශේෂයක්)
හරිම සරලයි. මේ මිශ්‍රණය මිශ්‍ර කරලා අයිස් කියුබ් හදාගන්න.😍

දැන් දෙහි, දොඩම්, මිල්ක් වගේ ඕනම පානයකට එකතුකරගෙන බොන්න.

ෆාරා නම් කියලා තියෙන්නේ 👇

“This is the BEST hack ever!” කියලා.

Latest News

error: Content is protected !!