“No Kings” නමින් හඳුන්වන ජාතික ව්‍යාපාරය යටතේ සෙනසුරාදා දිනයේ අමෙරිකාවේ දහස් ගණනක් විරෝධතා ව්‍යාපාර පැවැත්වුණු බව වාර්තා වෙනවා.
මෙම විරෝධතා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ගොඩ නැගෙමින් පවතින ජාතික ව්‍යාපාරයක කොටසක් ලෙසයි සැලකෙන්නේ.
ෆිලඩෙල්ෆියා, නිව් යෝර්ක් නගරය, ජර්සි නගරය, ටකෝමා සහ මිනසෝටා හි සමහර ප්‍රදේශවල වීදි ජනතාවගෙන් පිරී ගිය වීඩියෝ අන්තර්ජාලය පුරා දක්නට ලැබුණා.
Washington, DC හිදී විරෝධතාකරුවන් ලින්කන් අනුස්මරණ පිළිරුව අසලින් ජාතික වෙළඳ සංකීර්ණය දෙසට ගමන්කළ බවයි වාර්තා වන්නේ.
විරෝධතාකරුවන් විසින් “ඔටුන්න බිම දමන්න”, ‘විකටයා’, ‘පලන වෙනස ගෙදරින් ආරම්භ වේ’ යන ප්‍රබල සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් ගමන් ගත් බව ද දක්නට තිබුණා.
“No Kings” ව්‍යාපාරය 2025දී ආරම්භ වී, ඉතා වේගයෙන් විශාල වශයෙන් වර්ධනය වූ ව්‍යාපාරයකි.
මෙහි මුල්ම විරෝධතාව ට්‍රම්ප්ගේ උපන්දිනය යෙදුණ 2025 ජූනි 14 වැනි දා රට පුරා ස්ථාන 2000කට අධික ප්‍රමණයකදී මිලියන 4–6 දක්වා ජන සහභාගීත්වයකින් යුතුව සිදු වුණා.
