ඉන්දීය ප්‍රිමියර් ලීග් 2026 ආරම්භක තරඟයේදී රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු(Royal Challengers Bengaluru) කණ්ඩායම සන්රයිස් හයිද්‍රාබාද් (Sunrisers Hyderabad) කණ්ඩායමට එරෙහිව කඩුළු පහක ජයග්‍රහණයක් වාර්තා කළා.
ලකුණු 202ක ඉලක්කය රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු කණ්ඩායම ඉතා පහසුවෙන් හඹා ගිය අතර විරාත් කෝලි ලකුණු 69ක් හා දෙව්දත් පඩික්කල් ලකුණු 61 ක් ලබා ගනිමින් එම ජයග්‍රහණය උදෙසා විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නා.
කොහොම වුණත්, උඩ පන්දු රැක ගැනීමට ප්‍රසිද්ධ කෝලිට මෙහිදී දුලබ අත්වැරදීමක් සිදු වී 18වන පන්දු වාරයේ දී අනිකෙත් වර්මාගේ පහසු උඩ පන්දුව ගිලිහී යාමත් සමඟ ඊට ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මාගේ ප්‍රතිචාරය සමාජ මාධ්‍යවල වෛරල් වූ සිදුවීමක් බවට පත් වුණා.
උඩු පන්දුව ගිලිහී ගිය අවස්ථාවේදීම විරාත්ගේ බිරිඳ අනුෂ්කා ෂර්මා දෙසට කැමරාව හැරුණු අතර ඇය නොනවත්වා සිනාසෙන ආකාරය කැමරාවල සටහන්වී තිබුණා.
සැමියාට සිදුවන පුංචි හෝ අත්වැරදීමකදී මුලින්ම එයට සිනාවීම භාර්යාවකගේ පරම අයිතියකි. ඉතින් ඉන්න තැනත් අමතක වී අනුෂ්කාට ඒ මොහොතේ ඇගේ සිනාව පාලනය කර ගත නොහැකි වූ අතර එය මේ වන විට සමාජ මාධ්‍යවල ද highlight වූ සිදුවීමක් බවට පත්ව තිබෙනවා.
හැබැයි කොච්චර හිනා වුණත්ජ යග්‍රහණයෙන් පස්සේ කෝලි පිටියේ ඉඳන්ම අනුෂ්කාට flying kiss එකක් අනුෂ්කා දිහාට යවන්න අමතක කරලා තිබුණෙත් නැහැ.
