Dhurandhar 2 (The Revenge) මෙම වසරේ විශාලතම ජයග්‍රහණ වාර්තා කළ චිත්‍රපට අතර එකක් බවට පත් වෙමින් box office හි අඛණ්ඩව ඉහළ යමින් සිටී.
එය දින 10ක් තුළ ඉන්දියාව තුළ ඉපැයූ දළ ආදායම ඉන්දීය රු.කෝටි 778.27ක් ඉක්මවා ඇති බවයි නවතම වාර්තා පවසන්නේ. ඉන්දියාව තුළ සමස්ත ආදායම ඉන්දීය රු.කෝටි 930.44 ඉක්මවා ඇති අතර ජ්‍යාත්‍යන්‍තර ආදයම ඉන්දීය රු.කෝටි 296ක්ලෙස වාර්තා අතරට පැමිණ තියෙනවා.
මේ අනුව චිත්‍රපටය ලෝකය පුරා ඉපැයූ ආදායම ඉන්දීය රු කෝටි 1,226.44 ඉක්මවා ඇති බව වාර්තා වෙනවා
එය මේ වන විටත්,
👉 RRR චිත්‍රපටයේ සමස්ත ඉන්දීය එකතුව වන ඉන්දීය රු.කෝටි 782.20 ප්‍රමාණය ඉක්මවා යාමටද ආසන්න මට්ටමට ළංවී තිබෙනවා.
👉 එමෙන්ම එය 2026 වසරේදී බොලිවුඩයේ වැඩිම පූර්ව අලෙවිය වාර්තා කළ චිත්‍රපටය බවටද පත් වුණා. වාර්තාවලට අනුව, චිත්‍රපටය පළමු දින ටිකට් වෙන්කරවා ගැනීම්වලින් පමණක් ඉන්දියානු බොක්ස් ඔෆිස් හි රුපියල් කෝටි 14.62 ක ශක්තිමත් ආදායමක් උපයා ගත්තා.
