වරුන් ධවාන්ගේ පුංචි දෝණිට ඇවිදීමේ අපහසුවක් ඇති වෙලා..

බොලිවුඩ් නළු වරුන් ධවාන් (Varun Dhawan)ගේ සිඟිති දියණිය ලාරා (Lara)ය.

පුංචි ලාරාට වයස අවුරුදු 1½ක් පමණ වන විට “Developmental Dysplasia of the Hip (DDH)” නම් උකුල් ඇටයේ ආබාධිත තත්ත්වයකට ගොදුරු වූ බව වරුන් විසින් අනාවරණය කර තිබෙනවා.

ඔහු මේ ගැන කතා කළේ Be A Man, Yaar! වැඩසටහනකදීය.

කෙසේ වෙතත්, එය වේලාසනින් හඳුනා ගැනීම නිසා දරුවා මේ වන විට සුවය ලබමින් පවතින බව ඔහු පවසා තිබෙනවා.

මෙම රෝගයේදී, උකුල් ඇටය හා කකුලේ අස්ථිය නිවැරදිව සම්බන්ධ නොවීම නිසා කකුලක් දිග වෙන බැවින් ඇවිදීම හා දිවීම දුෂ්කර වන බව වරුන් වැඩසටහන අතරතුර සඳහන් කළා.

ඔහු තවදුරටත් කියා සිටියේ, දියණියට ශල්‍යකර්මයක් අවශ්‍ය නොවූ නමුත් “spica cast” එකක් ( plaster bandage එකක්) මාස දෙකහ මාරක් පමණ පැළඳගෙන සිටීමට සිදුව ඇති බවයි.

එය දරුවෙකුට අතිශය අමාරු තත්ත්වයක් වුවත්, දරුවන් ඉක්මනින් එයට අනුකූල වෙන බවත් ඔහු සඳහන් කළා.

දැනට දරුවා සුවය ලබමින් පවතින බවත්, මේ අත්දැකීම පිළිබඳ පොතක් ලිවීමටත් ඔහු අදහස් කරන බවයි වරුන් ධවාන් පවසා ඇත්තේ.

Latest News

error: Content is protected !!