මහාචාර්යවරයෙක් පන්ති කාමරය තුළදී ප්‍රසිද්ධියේ වෛද්‍ය සිසුවියකට ප්‍රේම සම්බන්ධයකට ආරාධනා කරලා..

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ටුම්කර් (Tumkur) නගරයේ පිහිටි ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලය තුළ උගන්වමින් සිටි සහාය මහාචාර්යවරයෙකුගේ ක්‍රියාවක් හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.

මෙම තත්ත්වයට හේතු වූයේ වෛද්‍ය විද්‍යාලයේ පන්ති කාමරයක් තුළ උගන්වමින් සිටි අබ්දුල් ලෙස හඳුනාගත් මහාචාර්යවරයා විසින් එම පන්තියේම සිසුවියකට ප්‍රසිද්ධියේ ප්‍රේම සම්බන්ධයකට (proposal) ආරාධනා කර තිබීමයි.

“ඔයාලගෙන් ලැබෙන ආදරය නිසා, batch එකේ වැදගත්ම ගැහැණු ළමයෙකුට මම propose කරන්න කැමතියි…”
ඉන්පසුව
♥️ “I love you” කියමින් එම සිසුවියට ප්‍රේමය ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම සියලු සිසුන්ට චොක්ලට් බෙදන බව පැවසීමත් සමඟ එම වෛද්‍ය ශිෂ්‍යාව නැගිට එයට විරෝධය පළ කර තිබෙනවා.

ශිෂ්‍යාවගේ අදහසට එකඟ නොවූ මහාචාර්යවරයා “ඔයා මට ‘I love you’ කියලා කිව්වා, මට ඔප්පු කරන්න පුළුවන්. (CCTV) තියෙනවා” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් සිසුවිය CCTV පෙන්වන ලෙස ඔහුට බල කරන අතර මහාචාර්යවරයා එම ස්ථානයෙන් පිටව යන ආකාරය සමාජ මාධ්‍යවල වෛරල් වන වීඩියෝ පටයේ සටහන්ව තිබෙනවා.

මෙම සිද්ධිය පැතිර යාමත් සමඟ අනෙකුත් සිසුන් කෝපයට පත්වීමත් සමඟ නොසන්ස්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර වෛද්‍ය සිසුවිය විසින් ඇයගේ සපත්තුවකින් මහාචාර්යවරයාගේ කම්මුලට පහර දෙන ආකාරය වීඩියෝ පටයේ දැක්වෙනවා.

අවසානයේ මහාචාර්යවරයා වෛද්‍ය විද්‍යාලය තුළින් පැන ගිය බව පැවසෙනවා. කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාලය මේ වන විට සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

Latest News

error: Content is protected !!