එකට රඟපාන නළුවන් දිනවන දුෂේනිගේ පුදුම හිතෙන වාසනාව…

“මට කියන්න දෙයක් තියෙනවා. මං එක්ක රඟපාන නලුවට වාසනවා උදා වෙනවා”

මේ කතාව දුෂේනි මියුරංගි කියන්නේ 2025 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සම්මානය දිනාගෙන මාධ්‍ය වෙත කළ අදහස් දැක්වීමකදී. මේ ප්‍රකාශය කරද්දි දුෂේනිගේ මුහුණේ දකින්න ලැබුණේ පුදුම තරම් ආත්ම විශ්වාසයක්.

මෙම සම්මාන උළෙලේදීම ඇය එක්ක ජහුටා ටෙලි නාට්‍යයේ Co-Actor විදියට ඇක්ට් කරන චතුරංග කොඩිත්තුවක්කු ජනප්‍රියම නළුවා වීම නිසා තමයි දුෂෙනි මේ කතාව කියන්නේ.

ඇය ඇත්තටම නිර්මාණයකට වාසනාව ගේන නිළියක්. ඒක අපි පහුගිය වසර ගණනාවකදීම අත්දැකලා තියෙන දෙයක්. වසර කිහිපයක් එක දිගට ඇය රංගනයෙන් දායක වන ටෙලි නාට්‍යය වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත් වුණා. ඒ වගේම ඇය සමඟ සම රංගනයෙන් දායක වෙන නළුවා ජනප්‍රියම නළුවා වීම බොහෝ දුරට සිදුවන දෙයක්.

පාර දිගේ ටෙලි නාට්‍යයේ දුෂේනි ජනප්‍රියම නිළිය වෙනකොට උද්ධික ප්‍රේමරත්න ජනප්‍රියම නළුවා වූ අතර සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ දුෂේනි ජනප්‍රියම නිළිය වෙද්දී සාරංග දිසාසේකර ජනප්‍රියම නළුවා වුණා.

දුෂේනි කියන විදියට දැන් ඒ අවස්ථාව උදා වෙලා තියෙන්නේ ජහුටා ටෙලි නාට්‍යයේ හංසයාට.

ඒ වගේම දුෂේනි මේ වන විට වසර ගණානාවක් තිස්සේ ජනප්‍රියම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා වගේම මිනිස්සුන්ගේ හදවතේ ජනප්‍රියම නිළිය බවට පත් වුණා.

මේ වාසනාව නම් ඇත්තටම කලාතුරකින් නිළියකට ලැබෙන භාග්‍යයක් නේද? ඔයාලට මොකද හිතෙන්නේ?

Latest News

error: Content is protected !!