නෙස්ලේ KitKat බාර් ලක්ෂ 4ක් සොරකම් කරලා..

නෙස්ලේ (Nestlé) සමාගමට අයත් ජනප්‍රිය සන්නාමයක් වන KitKat චොකලට් බාර් ටොන් 12කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය අතරතුර යුරෝපයේදී සොරකම් වී ඇති බව වාර්තා වෙනවා.

මෙම සිද්ධිය සිදු වී ඇත්තේ ඉතාලියේ කර්මාන්ත ශාලාවක සිට පෝලන්තයට ගෙනයමින් තිබූ ලොරි රථයක් අතරමගදී අතුරුදහන් වීමෙනි. එම ලොරි රථය තුළ KitKat චොකලට් බාර් 413,793 ක් තිබූ බව සඳහන්ය.

නෙස්ලේ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ‘KitKat එකක් එක්ක break එකක් ගන්න කියලා අපි නිතරම කියනවා. නමුත් සොරුන් ඒක තේරුම් ගත්තේ වෙනස් විදියකට’ යනුවෙන් හාස්‍ය මුසු ප්‍රතිචාරයක් එක් කරමිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශීය බලධාරීන් සමඟ එක්ව පරීක්ෂණ පවත්වමින් සිටින බව සමාගම සඳහන් කළා.

මුලදී මෙම සොරකම නිසා පාස්කු සමය අසන්නව KitKat හිඟයක් ඇතිවිය හැකි බවට කණස්සල්ල පළවුණත් පසුව සමාගම පැවසුවේ සැපයුමට බලපෑමක් නොමැති බවයි.

සොරකම් වූ චොකලට් අනවසර වෙළඳපොළ තුළ විකිණිය හැකි බව සමාගම අවධාරණය කර තිබෙනවා. ඒවා හඳුනාගැනීමට සෑම බාර් එකකම විශේෂ කේත (tracking codes) භාවිතා කළ හැකි බවද සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල මීම් විශාල වශයෙන් බෙදා හරිමින් තිබෙනවා.

“Fast & Furious එකේ අලුත් episode එකක් වගේ” වැනි අදහස් පළ වී ඇති ආකාරය දැකගත හැකියි.

Latest News

error: Content is protected !!