අමෙරිකාවට ඉරානයේ තෙල් අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතින අතර වැදගත් තෙල් මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපත (Kharg Island) අල්ලා ගැනීම ගැනද සලකා බලමින් සිටින බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මූල්‍ය පුවත්පතක් වන Financial Times සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.
ජනාධිපති ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ කරුණු 15ක් ඇතුළත් සාම සැලසුම (Peace Plan)ක් ඉරානය වෙත යොමු කර ඇති අතරතුරදීය.
ඉරානය ඇමරිකාවේ ඉල්ලීම් 15ක් ඇතුළත් ලැයිස්තුවෙන් බොහෝමයක් පිළිගෙන ඇති බව ද ඔහු මෙම සම්මුඛ සාකච්ඡාව අතර පවසා තිබෙනවා.
නමුත් ඉරානය තවමත් ඒ ගැන සැකයෙන් සිටින බවයි ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ.
👉 ඔහු මෙහිදී ඉරානය තුළ පාලන වෙනසක් (regime change) සිදුවී ඇති බව ද අවධාරණය කළා.
කෙසේ වෙතත් අමෙරිකාව ඉරානයට භූමි ආක්‍රමණයක් දියත් කිරීමට සැලසුම් කරන බව වාර්තා වීමත් සමඟ, ලෝක තෙල් මිල ඉහළ ගොස් ආසියානු කොටස් වෙළඳපොළ පහළ ගොස් තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් සාම ගිවිසුමක් මෙන්ම භූමි ආක්‍රමණයක් පිළිබඳ සඳහන් කරන අතර ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහමඩ්-බගර් ගලිබාෆ් (Mohammad-Bagher Ghalibaf) ඇමරිකාව සාකච්ඡාවක් පිළිබඳ කියන අතර රහසිගතව භූමි ප්‍රහාරයක් සැලසුම් කරන බවටයි චෝදනා කර ඇත්තේ.
