හෙට ඉඳන් මම මේ සම්මානය බිමින් තියනවා..

චතුරංග කොඩිතුවක්කු එහෙමත් නැත්නම් ජහුටා හංසයා 2025 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා බවට පත් වුණා.

මෑතකදි ඉතාම වේගයෙන් මිනිස්සු වැළඳගත්ත නළුවා තමයි චතුරංග කියන්නේ. ඇත්තටම පිස්සු හැදෙන තරමට ආස හිතෙන නළුවෙක් කියන එක කාලෙක ඉඳන් අපේ රංගන ක්ෂේත්‍රයේ තිබුණ හිස්තැනක්. චතුරංග එන්නේ ඒ හිස්තැනට.

ඇත්තටම ඔහු තමයි මේ දවස්වල ලංකාවේ කෙල්ලන්ගේ ක්‍රෂ් එක. ඉතින් මේ සම්මානයට ඔහු තරම් සුදුසු තවත් කෙනෙක් නැති තරම්..

දැන් ගොඩක් අය චතුරංගට උමතුවෙන් වගේ ආදරය කරන්න පටන්ගෙන. චතුරංග කියන්නේ ඒ ආදරය හරි පරිස්සමට රැකගෙන ඉදිරියටම යන්න පුළුවන් නළුවෙක්. යන්න ඕනම නළුවෙක්.

සම්මානය අරගත්තට පස්සේ චතුරංග කළ සමහර ප්‍රකාශවලිනුත් ඒ බව හොඳටම පැහැදිලියි.

“මම මේ සම්මානය අතේ තියන් ඉන්නේ අද දවසෙ විතරයි. හෙට ඉඳලා මම මේක බිමෙන් තියලා ආපහු වැඩ කරන්න පටන් ගන්නවා.”

ඉතින් මේ සම්මානයෙන් ලැබුණු ආලෝකය එක්ක ඔහුට දුර ගමනක් යන්න ලැබේවි කියලා අපට විශ්වාසයි.

Latest News

error: Content is protected !!