අනෙක් පක්ෂවලින් ප්‍රතික්ෂේප වූ අයට සැලුන් දොරත් අරී..
ඉදිරියේදී පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී දකුණු ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන විජේගේ දේශපාලන පක්ෂය වනTamilaga Vettri Kazhagam (TVK) ආසන දෙකක් සඳහා තරග කරන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මේ අනුව විජේ තරග කරන ආසන දෙක වන්නේ චෙන්නායි හි පෙරුම්බුර් හා තිරුචි නැගෙනහිර යන ආසන දෙකයි.
පෙරුම්බුර් තෝරාගද්දී විජේ ඔහුගේ පෞද්ගලික ජනප්‍රියත්වය පරීක්ෂා කරනු ලබන නාගරික, කම්කරු පන්තියේ චෙන්නායි ආසනය ලෙස එය තෝරාගෙන ඇති අතර තිරුචි නැගෙනහිර මැතිවරණ කොට්ඨාශය ක්‍රිස්තියානි ඡන්ද මත පදනම්ව තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පෙරුම්බූර් හි දී විජේට Dravida Munnetra Kazhagam පක්ෂයේ අපේක්ෂකයා හා All India Anna Dravida Munnetra Kazhagam සන්ධානයේ අපේක්ෂකයන් සමඟ තරග කිරීමට සිදු වනු ඇති අතර තිරුචි නැගෙනහිර දී දැනට පවතින MLA සහ විපක්ෂ අපේක්ෂකයන් සමඟ තරග කිරීමට සිදුවනු ඇති බව සඳහන්ය.
මේ අතර TVK පක්ෂය DMK, AIADMK, Congress වැනි පක්ෂවලින් ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයින්ට වෙත ඔහුගේ පක්ෂයට ඉක්මණින් පැමිණීමට සැලුන් දොර විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය තුළ එම පක්ෂවල නායකයින් කිහිප දෙනෙක්ම විජේ සමඟ එක් වීමට නියමිත බව ද වාර්තා වෙනවා.
