රන්මාලයක් පිළිබඳ සිදුවීමකට අදාළව අත්අඩංගුවට පත් වූ හර්ෂි රසංගාට ඇප…

නව පරපුරේ නිලියක් වන හර්ෂි රසංගා තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මගින් අද (30) අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකුගෙන් ලක්ෂ 9 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබා නොදුන් බවට එම පුද්ගලයා කළ පැමිණිල්ලකට අනුවයි.

ඇය හිමිකරුගේ අනුදැනුමකින් තොරව බත්තරමුරමුල්ල LB Finance ශාඛාවට එම මාලය උකස් තබා ලක්ෂ 6 ක මුදලක් ලබා ගත් බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

එහිදී සැකකාර හර්ෂි රසංගා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේ තම සේවාදායිකාව එම මාලය උකස් කර ඇති බවත් එය බේරා ගෙන හිමිකරුට නැවත ලබාදීමට හැකියාව පවතින බවයි.

සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප 2ක් මත ඇප මත මුදා හැරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඉන් පසු නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි දිනයේදී අදාල රන් මාලය තලංගම පොලිස් ස්ථානය මගින් භාරගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියම කර තිබෙනවා.

ඒ අනුව සැකකාර හර්ෂි රසංගාට එරෙහි නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැදවීමට නියමිතයි.

Latest News

error: Content is protected !!