ඒ මාලේ එයාගේ අත් දෙකෙන්ම මගේ බෙල්ලට දැම්මේ භානුක රාජපක්ෂ..

තමන් සම්බන්ධයෙන් ප්‍රචාරය වෙමින් පවතින පුවත ව්‍යාජ එකක් බව රංගන ශිල්පිනියක් වන හර්ෂි රසංගා පවසනවා.

ඇය විසින් රන්මාලයක් හොර රහසේ උකස් කර මුදල් ලබා ගෙන ඇති බවට පුද්ගලයෙකු කරනු ලැබූ පැමිණිල්ලක් අනුව තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මගින් ඇයව අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව අද (30) දිනයේ වාර්තා වූ පුවතකි.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු බවට ද වාර්තා පළ වුණා.

හර්ෂි රසංගා සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ අදහස් දැක්වීමක් සිදු කරමින් එම පුවත අසත්‍ය බවත් එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේචාරය නොකරන ලෙසත් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු වෙමින් පවතින නිසා සියලුම තොරතුරු මාධ්‍ය වෙත පසුව ලබා දෙන බවත් එම මාලය තමන් විසින් බලෙන් ලබා ගත්තක් හෝ සොරකම් කරන ලද්දක් නොවන බවයි ඇය පවසා ඇත්තේ.

එය අදාළ ක්‍රීඩකයාගේ අත් දෙකෙන්ම තමන්ගේ ගෙලේ පැළඳූ මාලයක් බවත් එම ක්‍රීඩකයා භානුක රාජපක්ෂ බවත් ඇ‍ය මෙහි දී අනාවරණය කර සිටියා.

එහිදී ඇය පැවසූ අදහස් මෙසේය.

“තාම Invistigation එක යන නිසා හරියටම කතාව ඔයාලට කියන්න විදියක් නැහැ. හැබැයි මේක ඉවරයක් වෙච්ච ගමන් ඇත්ත කතාව මොකක්ද කියලා මම කියන්නම්. එහෙම නිවුස් එකක් ආව පලියට ඒකේ ඇත්ත නැත්ත නොදැන ෂෙයාර් කරන්න එපා. මොකද මම මගේ නම කැත කරන්න කරපු උත්සහයට ලීගල් ඇක්ෂන් අරන් තියෙන්නේ. මේ මාලය මම කාගෙන්වත් ඉල්ලගත්ත එකක්වත්, කාගෙන්වත් හොරකම් කරපු එකක්වත් මම ආසාවට දාගෙන ඉන්න කියලා ඉල්ලගත්ත එකක්වත් නෙවෙයි.

පුද්ගලයා තමයි භානුක රාජපක්ෂ. භානුක රාජපක්ෂ එයාගේ අත් දෙකෙන්ම මගේ බෙල්ලට දාපු මාලයක්. මම ගැන කන්සර්න් වෙලා මට කෝල් කරපු අයට මට මැසේජ් කරපු අයට ගිඩක් ස්තූතියි. මේ නිවුස් එක ෂෑයාර් කරන්න කලින් මේක ඇත්තද කියලා අහපු කට්ටියට ගොඩක් පින් ගොඩක් ස්තූතියි.

මට ටික දවසක් දෙන්න. මේ නඩුව ඉවර වුණු ගමන් මම ඔයාලට මාධ්‍ය ප්‍රකාශයක් කරන්නම් මෙතන ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා. අදාළ පාර්ශවයන් බලන් ඉන්න.”

 

Latest News

error: Content is protected !!