බිරිඳ පිරිමි 120කට විකුණු මිනිසෙක් ස්වීඩනය කළඹයි..

සිය අවදානම් තත්ත්වයේ සිටි බිරිඳ පිරිමින් 120කට ආසන්න පිරිසකට ලිංගික සේවය සඳහා විකුණූ බවට ස්වීඩනයේ 62 හැවිරිදි පුද්ගලයෙකුට එරෙහිව දැඩි චෝදනා එල්ල වී තිබෙනවා.

ඇය මිලදී ගත් බවට සැක කෙරෙන පුද්ගලයින් 120 කට ආසන්න සංඛ්‍යාවක් නිලධාරීන් හඳුනාගෙන ඇති අතර විසි හයදෙනෙකුට අදාළව චෝදනා ගොනු කර ඇති බවත් ඉතිරි පුද්ගලයින් තවදුරටත් විමර්ශනය කරමින් සිටින බවයි වාර්තා පවසන්නේ.

කාන්තාවගේ නීතිඥවරිය AFP වෙත පවසා ඇත්තේ, මෙම නඩුවේ චෝදනා ඇගේ ගණුදෙනුකාරියට එරෙහිව සිදු වූ “දැඩි සහ බරපතළ අපරාධ” මත පදනම් වූ බවයි.

ඇය දැන් යුක්තිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කර තිබෙනවා.

සැකකරු මීට පෙර Hells Angels නම් ලෝකප්‍රසිද්ධ motorcycle club (මෝටර් බයිසිකල් සමාජයේ) උසස් සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන්ය.

මෙය මේ වන විට ස්වීඩනය පුරා විශාල ලෙස අවධානය ලක් වූ සිදුවීමකි.

මෙම සිදුවීම 2022 අගෝස්තු 11 සිට 2025 ඔක්තෝබර් 21 දක්වා කාලය තුළ සිදුවී ඇති අතර සැකකරු 2025 ඔක්තෝම්බර් මාසයේදී බිරිඳ විසින් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වසර කිහිපයක් පුරා බිරිඳට බලපෑම් කරමින් මුදල් උපයාගෙන ඇති බවයි වාර්තාවල සඳහන් වන්නේ.

ස්වීඩනය කැළඹු මෙම නඩුව අප්‍රේල් මස 13 වැනිදා සිට විභාග වීමට නියමිතය.

Latest News

error: Content is protected !!