ෆොටෝ ෂූට් එකට රෝස පාට කළ ඇතින්න මාසයකට පසු මිය ගිහින්..

විදේශීය ඡායාරූප ශිල්පිනියක් විසින් ජායිපූර් නගරයේ සිදුකළ ෆොටෝෂූට් එකක් මතභේදයකට තුඩු දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ජුලියා බුරුලේවා (Julia Buruleva) නම් ඡායාරූප ශිල්පිනිය මෙම ඡායාරූපගත කිරීම සඳහා පණපිටින් සිටින ඇතින්නියක සම්පූර්ණයෙන් රෝස පැහැයෙන් වර්ණ ගන්වා තිබීම මෙම මතභේදයට හේතුවයි.

රෝස පාට ගෑ ඇගේ පිට උඩ නිරූපන ශිල්පිනියක් නංවා ඡායාරූප ලබා ගෙන ඇති අතර සත්වයා හිංසනයට ලක් වී ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

2025 දෙසැම්බර් මාසයේ මෙම ඡායාරූප ලබා ගෙන ඇති නමුත් තත්ත්වය උත්සන්න වූයේ ඉන් මාසයකට පසු ඇතින්න මරණයට පත් වීමත් සමඟය.

ඇතැම් අය එය කලාත්මක හා නිර්මාණාත්මක අදහසක් ලෙස වර්ණනා කර තිබුණත් සත්ව සුභ සාධන සංගම් හා සත්වවේදීන් මෙයට දැඩි ලෙස විරුද්ධ මත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා යොදාගෙන ඇත්තේ “Chanchal” නම් ඇතින්නියක බවත් වර්ණ ගැන්වීමට යොදාගෙන ඇත්තේ Holi උත්සවයේ භාවිතා කරන gulal powder නම් වර්ණකයක් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙය සංවිධානය කළ අය මිනිත්තු 10-30ත් අතර කාලයකදී එම වර්ණක සෝදා ඉවත් කර දැමූ බව පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!