ඉරාන යුද්ධය සඳහා වැයවන වියදම් අරාබි රටවල්වලින් ඉල්ලා ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්තෙන් සිටින බව ධවල මන්දිරය සඳහන් කර තිබෙනවා.
මේ බව ප්‍රකාශ කළ ධවල මන්දිර ප්‍රකාශිකාව වන කැරලොයින් ලෙවිට් පවසා ඇත්තේ මෙය ට්‍රම්ප් සතු අදහසක් පමණක් බවයි.
ඉදිරියේදී මේ ගැන වැඩි විස්තර පැවසිය හැකි බව ද ඇය සඳහන් කර තිබෙනවා.
ඉරානය සමඟ සාකච්ඡා ගැන සඳහන් කරමින් ඇය පවසන්නේ ඉරානය සමඟ සාකච්ඡා යහපත් ලෙස ඉදිරියට යමින් පවතින බවයි. ඉරානය ජනතාවට කියන දේවල් හා රහසේ අමෙරිකාවට කියන දේවල් වෙනස් බවද ඇය පවසා තිබෙනවා.
මාධ්‍ය අමතමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ ඉරානය රහසේ ඇමරිකා ඉල්ලීම් කිහිපයකටම එකඟ වී ඇති බවකි.
