පෝස්ට් කාඩ් යුගයේ වෛරල් වූ කොටි දෙන ‘පප්පු දේවී’

සමාජ මාධ්‍ය රජ නොකරපු මීට වසර විස්සකට පමණ පෙර ඉතිහාසයේ ඉන්දියාවේ තැපැල් පත්වලින් ලෝකය පුරා වෛරල් වූ තරුණියක් හිටියා.

ඇය නමින් පප්පු දේවිය.

පප්පු දේවි එකල කතාබහට ලක් වුණේ සුවිශේෂී ඡායාරූපයක් නිසා.

මේ ඡායාරූපයේ ඇගේ ඇස්වල තිබුණු අපූර්වත්වය හැමෝවම පුදුම කළා. ඇගේ ඇස් සාමාන්‍ය ඇස් දෙකක් නොවුණු අතර එය සමාන කළ හැකි වුණේ කොටියෙකුගේ ඇස්වලටම පමණයි. ඇගේ ඇස්වල කහ පැහැති කොළ පැහැති අමුතු ආලෝකයකින් බැබළුණා.

දශක දෙකකට පමණ පෙර රාජස්ථානයේ පුෂ්කර් හි ප්‍රදර්ශනයකදී ගත් මේ රාමුවේ සිටින කාන්තාව ඉන්දියාවේ සමාජ මාධ්‍ය යුගයේ නැවත කතා බහට ලක් වෙලා තියෙන්නෙත් ඒ ඇස් දෙක එතරම්ම සුවිශේෂී නිසා.

ඉන්දියාවේ මාධ්‍ය වාර්තා පවසන ආකාරයට ඇය මෙම ඡායාරූපය ගත් වාර්ෂික පුෂ්කර් ප්‍රදර්ශනයේ වීදි වෙළෙන්දියක ලෙස කටයුතු කර තිබෙනවා.

ඇගේ දැඩි බැල්ම දුටු ඡායාරූප ශිල්පියෙක් ඇයව මේ සුප්‍රසිද්ධ ඡායාරූපයට ග්‍රහණය කර ගැනීමට තීරණය කරල තිබුණා.

එහි ඇගේ ඇස්වල වර්ණ කැපී පෙනුණා. ටික කලකකින්ම ඡායාරූපය තැපැල්පත්වල මුද්‍රණය වීමට පටන් ගත්තා. කාලයත් සමඟ එය සංචාරක සිහිවටනවල කොටසක් බවටත් පත්වුණා.

ඇගේ ඇස් දෙක ගෝලීය අවදානය දිනාගත්තත් තැපැල්පත්වල ඇය සංකේතයක් බවට පත් වුණත් ඇයට කිසිදාක රාජකීය සැප සම්පත් උරුම වුණේ නැහැ.

මේ වන විට ඇය රාජස්ථානයේ පුෂ්කර් හි අතින් සාදන ලද බෑග් සහ සිහිවටන අලෙවි කරන කුඩා කුටියක් පවත්වාගෙන යනවා.

පප්පු දේවි සෆාරි රියදුරෙකු සමඟ විවාහ වී සිටින අතර ඇයට දියණියන් තිදෙනෙක් සිටින බවයි සඳහන් වන්නේ.

පුදුම සහගත දේ ඇගේ දියණියන්ට ද එම දුර්ලභ ඇම්බර්-කොළ පැහැති ඇස් ලැබී තිබීමයි.

තවමත් සමාජ මාධ්‍යවල පුවත් මවමින් තිබියදීත් ඇය නිහතමානි නිහඬ ජීවිතයක් ගත කරමින් සිටින අතර ඇගෙන් බෑග් මිලදී ගැනීමට පැමිණෙන සංචාරකයින් විසින් ඇය හඳුනාගන්නා බවත් පැවසෙනවා.

Latest News

error: Content is protected !!