“බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා පසුගියදා තිරගත වූ ‘ධුරන්ධර් 2’ (Dhurandhar: The Revenge) චිත්‍රපටය පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. ඇය සිය සමීපතම මිතුරෙකු වන රන්වීර් සිංගේ රංගනය සහ අධ්‍යක්ෂ ආදිත්‍ය ධර්ගේ නිර්මාණශීලීත්වය මෙහිදී බෙහෙවින් අගය කළා.
‘ධුරන්ධර්’ යනු සැබවින්ම විශිෂ්ට කලාත්මක නිර්මාණයක් බවත්, රන්වීර් ඇතුළු මුළු කණ්ඩායමටම සිය සුබපැතුම් එක් කරන බවත් ඇය සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියා.
දැනටමත් ඉන්දියානු රුපියල් කෝටි 900 ක සීමාව පසුකර ඇති මෙම චිත්‍රපටය, බොක්ස් ඔෆිස් වාර්තා රැසක් බිඳ හෙළමින් තවමත් සාර්ථකව ප්‍රදර්ශනය කෙරෙනවා.”
