‘භූත් බංග්ලා’ (Bhoot Bangla) චිත්‍රපටය නිකුත් කිරීමට පෙර අක්ෂේ කුමාර් මහාකාලේෂ්වර් දේවස්ථානයට

“සුපිරි නළු අක්ෂේ කුමාර් සිය ඉදිරි චිත්‍රපටය වන ‘භූත් බංග්ලා’ තිරගත වීමට පෙර, උජ්ජයින් හි පිහිටි සුප්‍රකට මහාකාලේෂ්වර් දේවස්ථානය වැඳපුදා ගැනීමට එක්වුණා. මෙහිදී ඔහු සිය නැන්දම්මා වන ප්‍රවීණ නිළි ඩිම්පල් කපාඩියා සමඟ ආගමික වතාවත්වල නිරත වූ බවයි වාර්තා වන්නේ.

දේවස්ථානය වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අක්ෂේ කුමාර් කියා සිටියේ, තමන් මුළු රටටම සහ සිය පවුලේ අයට ආශිර්වාද ප්‍රාර්ථනා කළ බවයි. භාරතය තවදුරටත් දියුණුව කරා පියනගනු දැකීම තම ප්‍රාර්ථනය බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.”

Latest News

error: Content is protected !!