සාමාන්‍යයෙන් බොලිවුඩ් නළු නිළියන් යනු ව්‍යාපාරිකයන්ය. ප්‍රවීණ බොලිවුඩ් නළු නිළියන් බොහෝ දෙනෙක් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ බව බොහෝ අය දන්නා කරුණකි.
ඔවුන් නිවාස හා දේපළ මිලදී ගැනීම් මෙන්ම ඒවා කුලියට ලබා දීම සිදු කරයි. මෙවර එම ව්‍යාපාර ලෝකයට එක් වූ නවතම සාමජිකාව වන්නේ සාරා අලී ඛාන්ය.
සාරා මුම්බායිහි ඇන්ධේරී වෙස්ට් ප්‍රදේශයේ පිහිටි බංගලාවක් වසර 5කට ඉන්දියානු කෝටි රු. 4.14 මුදලකට කුලියට දී තිබෙනවා.
එහි ආරම්භක මාසික කුලිය ඉන්දියානු රු. ලක්ෂ 6.5 ක් බවයි වාර්තා වන්නේ.
මෙම බංගලාව කුලියට ලබාගෙන ඇත්තේ Prodigy Montessori India Private Limited සමාගම වන අතර, එය පාසල් සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීමට නියමිතය.
මෙවැනි ව්‍යාපාරික දේපළ කුලියට දීම බොලිවුඩ් තරු අතර දැන් ප්‍රචලිත ප්‍රවණතාවයක් වී තිබෙනවා.
මධුරි ඩික්සිත් මෑතකදී මුම්බායි නගරයේ ඇගේ කාර්යාලයක් වසර 5කට ඉන්දීය රු. 4.25 ලක්ෂ මාසික කුලියට ලබා දී ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
රිතික්ගේ පියා වන රාකේෂ් රෝෂන් ඇන්ධෙරී ප්‍රදේශයේ දේපළක් ඉන්දිය රු 14.5 ලක්ෂ මාසික කුලියට ලබාදී ඇති බවද සඳහන්ය. බොබී ඩියෝල් ඇන්ධෙරි ප්‍රදේශයෙන් රු කෝටි. 15ක් වටිනා කාර්යාලයක් මිලදී ගෙන තිබෙනවා.
මේ බොලිවුඩ් නළු නිළියන්ගේ මෑතකාලීන දේපළ මිලදි ගැනීම් හා විකිණීම් පිළිබඳ වාර්තා වූ කරුණු කිහිපයක් පමණි.
