අමෙරිකානු මාධ්‍යවේදිනිය ඉරාකයේ දී පැහැරගනී…

අමෙරිකානු මාධ්‍යවේදිනියක් වන ෂෙලී කිට්ල්සන් (Shelly Kittleson) අඟහරුවාදා (01) ඉරාකයේ බැග්ඩෑඩ්හිදී පැහැරගෙන ගොස් ඇති බව ඇගේ මාධ්‍ය ආයතනය හා ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් එක්සත් ජනපද නිලධාරියෙකු පවසා ඇත්තේ ඇය පැහැර ගැනීම පිළිබඳව එක්සත් ජනපද රජය සොයා බලමින් සිටින අතර ඒ සඳහා ඉරාකය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

ඇයගේ පැහැර ගැනීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පැහැදිලි නැති නමුත් ඉරාන අනුබද්ධ සන්නද්ධ කණ්ඩායමක් වන කටයිබ් හිස්බුල්ලා (Kataib Hezbollah) කණ්ඩායමෙන් පැහැර ගැනීම ඇතුළු තර්ජන ඇයට මීට පෙර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩිලන් ජොන්සන් X හි සටහනක් තබමින් කියා සිටියේ “පැහැර ගැනීමට සම්බන්ධ යැයි විශ්වාස කෙරෙන කටයිබ් හිස්බුල්ලා සමඟ සබඳතා ඇති පුද්ගලයෙකු ඉරාක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති” බවයි.

කටයිබ් හිස්බුල්ලා යනු ඉරාන පිටුබලය ලත් සන්නද්ධ කණ්ඩායමක් වන අතර එය දිගින් දිගටම අමෙරිකානුවන් ඉලක්ක කරනු ලැබූ සංවිධානයක් බව සඳහන්ය.

පැහැරගත් මාධ්‍යවේදිනිය මැද පෙරදිග සහ ඇෆ්ගනිස්ථානය පිළිබඳ විශේෂ වාර්තාකරනියක ලෙස කටයුතු කර තිබෙනවා.

Latest News

error: Content is protected !!