ඉරානයෙන් ඇපල් සහ මයික්‍රොසොෆ්ට් ඇතුළු ප්‍රමුඛ පෙළේ ඇමරිකානු සමාගම්වලට ප්‍රහාරක තර්ජන

ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස, මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ ඇමරිකානු තාක්ෂණික සමාගම් 18 කට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.

Nvidia, Apple, Microsoft, Google, Intel සහ Tesla ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් මේ ඉලක්කගත සමාගම් අතර වේ.

ද රාත්‍රී 8 සිට (ඉරාන වේලාවෙන්) මෙම ප්‍රහාර ආරම්භ වන බවත්, ජීවිත ආරක්ෂාව පතා වහාම සේවා ස්ථානවලින් ඉවත් වන ලෙසත් එම සමාගම්වල සේවකයින්ට දන්වා ඇත.

ඇමරිකානු සමාගම් ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම ක්‍රියාවන්, මෑතකදී ඉරානයට එල්ල වූ ප්‍රහාරවලට පළිගැනීමක් බව ඉරානය පවසයි.

මේ හේතුවෙන් මැදපෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු තාක්ෂණික යටිතල පහසුකම්වලට දැඩි අවදානමක් මතුව ඇති අතර, අදාළ සමාගම් තම සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගනිමින් සිටී. මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද අද රාත්‍රියේ මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

Latest News

error: Content is protected !!