විජේ දේවරකොන්ඩා මුළු ඉන්දියාව පුරා එක රැයෙන් ජනප්‍රිය වුණේ ‘Pelli Chupulu’ චිත්‍රපටය තිරගත වීමත් සමඟයි.
‘Arjun Reddy’ චිත්‍රපටය විජේගේ සිනමා ජීවිතයේ හැරවුමක් වගේ. ඔහු ඒ චිත්‍රපටය සමඟ තාරුණයින් අතර වීරයෙක් බවට පත් වුණා.
මෙම චිත්‍රපට දෙකෙහිම සුපිරි සාර්ථකත්වයෙන් පස්සේ ඊළඟට ආවේ ‘Geeta Govindam’ චිත්‍රපටය.
මේ චිත්‍රපට ත්‍රිත්වයත් සමඟ තෙළිගු කලාපය, දකුණු ඉන්දියාවම පිස්සු වට්ටපු විජේට උතුරු ඉන්දියාවත් පුදුම තරම් වශී වෙන්න පටන් ගත්තා. චිත්‍රපට නිෂ්පාදක කරන් ජෝහාර් ඔහුව හැඳින්වූයේ ‘දකුණේ සරාගීම නළුවා’ කියලයි.
විජේට ගොඩක් තරුණියෝ උමතුවෙන් වගේ ආදරය කරන්න ගත්තා. ඒ අතර බොලිවුඩ් සුපිරි තරු වගේම නෙපෝ කිඩ්ස් කිහිප දෙනෙකුත් ඉන්නවා.
ජාන්වී, අනන්‍යා පාණ්ඩේ ඒ ලැයිස්තුවේ මුදුනේම හිටියා කියලයි වාර්තා පළ වුණේ. ඒක ප්‍රසිධියේම ප්‍රකාශ කරපු කෙනා තමයි කියාරා අද්වානි.
ඇය සම්මුඛ සාකච්ඡාවලදී විජේ ගැන තමන්ගේ හිතේ හැඟීමක්, ආදරයක් තියෙන බවත් ඔහු ඇයගේ Crush එකක්ව සිටිය බවත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා.
ඇය අර්ජුන් රෙඩ්ඩිට ආදරය කරන බවත් විජේගේ විශාල රසිකාවක් කියලත් ප්‍රකාශ කරලා තියෙනවා.
පසුව ‘Arjun Reddy’ චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය වූ ‘Kabir Singh චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කළේ ද ඇය විසින්.
අවසානයේත් මේ වගේ සුපිරි තරු රැසක් ආදරය කළ විජේගේ හදවත නැවතුණේ දකුණු ඉන්දියානු සුපිරි තරුව රශ්මිකා මන්දනාට ළඟ. දෛවයේ ලියැවී තිබූ ආකාරයටම පසුගිය මාසයේ ඔවුන් දෙදෙනාගේ විවාහය සිදු වුණා.
