රාවණාගේ දඬු මොණරයටත් අලුත්ම හැඩයක්..
බොලිවුඩ්වල තිරගත වීමට නියමිත දැවැන්තම චිත්‍රපටයක් වන රාමායණය “Ramayana” චිත්‍රපටයේ පළමු ටීසරය මේ වන විට නිකුත් වී තිබෙනවා.
එය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘රාමා’ කුමරුන්ගේ චරිතය හඳුන්වා දෙන ටීසරය ලෙසයි සැලකෙන්නේ.
මෙය රාම කුමරු ලෙස රන්බීර් කපූර්ගේ ස්වරූපය දැක ගැනීමට ලැබුණු පළමු අවස්ථාවයි. මෙය අප්‍රේල් 2 දිනට යෙදෙන හනුමාන් ජනයන්ති උළෙලට සමගාමීව නිකුත් කරනු ලැබුවා.
චිත්‍රපටයේ සීතා දේවියගේ හා ලක්ෂ්මන් කුමරුගේ චරිතය මෙම ටීසරයේ හයිලයිට් කර නොමැති අතර රාවණා රජු හා දඬු මොණරයේ දර්ශනයක් ද එහි දැකගත හැකියි. මෙම ටීසරය සමඟ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ වී තිබෙනවා.
