තරුණ කාන්තාවන්ට ලිංගික අපයෝජන සිදු කළ ජෙෆ්රි එෆ්ස්ටීන් සමඟ ගණුදෙනු කළ අමෙරිකානු බැංකුව ‘Bank of America’ ඇතුළු බැංකු කිහිපයකට එරෙහිව වින්දිත කාන්තාවක් ගොනු කළ නඩුව ඩොලර් මිලියන 72.5කට සමථ කරගැනීමට ඇමරිකානු බැංකුව එකඟ වී තිබෙනවා.
මෙම බේරුම්කරණය මගින් 2008 ජුනි සහ 2019 ජූලි අතර කාලය තුළ එෆ්ස්ටීන් ලිංගික අපයෝජනයට ලක් කළ සහ ජාවාරම් කළ කාන්තාවන්ට වන්දි ලබා දෙනු ඇති බවයි වාර්තා වන්නේ.
අවම වශයෙන් ඔහුගෙන් අපයෝජනය වූ බවට තහවුරු වූ කාන්තාවන් 60 දෙනෙකු මෙම වන්දිය ලබා ගැනීමට සුදුසු වනු ඇති බව සඳහන්ය.
“ජේන් ඩෝ” ලෙස හඳුනාගෙන ඇති ඇමරිකානු බැංකුවට එරෙහි නඩුවේ පැමිණිලිකාරිය, රුසියාවේදී එෆ්ස්ටීන් හමුවීමෙන් පසු ඇය අවම වශයෙන් 100 වතාවක් අපයෝජනයට ලක් වූ බවට චෝදනා කර තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී නිව්යෝර්ක්හි ෆෙඩරල් උසාවියේ ගොනු කරන ලද නඩුවේදී, ඇමරිකානු බැංකුව එප්ස්ටයින්ගේ ක්‍රියාකාරකම් ගැන දැන සිටි නමුත් “වින්දිතයින් ආරක්ෂා කිරීමට වඩා ලාභ තෝරා ගත්” බවත් ඔහු සමඟ දිගින් දිගටම ගණුදෙනු කළ බවට චෝදනා කර සිටියා
කෙසේ වෙතත් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඇමරිකානු බැංකුව එප්ස්ටයින්ගේ ජාවාරම පිළිබඳ සියලු වගකීම්, වැරදි හෝ අනුදැනුම තිබූ බව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එය සාමාන්‍ය බැංකු සේවා සපයන බව පවසමිනි.
කෙසේ වෙතත් නඩුවේ පිරිවැය සහ අවිනිශ්චිතභාවය වළක්වා ගැනීම සඳහා බේරුම් කීරිමකට එකඟ වීමට අවසානයේ බැංකුවට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
